Tuesday, December 28, 2010

Last Station | Ajith C Herath



(A watch worn by a passenger who perished in the train wrecked by the Tsunami at Paraliya had stopped at 9.25am)

‘The train shall now recommence its journey.
Passengers are requested to return to their seats ... Calling at all stations!’

Does someone
turn back time from 9.25 am
bidding the enraged
dark waves to return to
some unseen abyss,
long away from the shore,
as a telephone rings ceaselessly,
unanswered at the last station
before death?

Time has stopped with a train,
between the waves and
a graveyard,
an indelible print of eternal regret .

Laughter and banter
still seem to echo
with the dying notes
of a blind beggar’s fiddle,

as a child is looking steadily
towards the far horizon.
After that moment no further chatter,
only the interminable search,

mine, for my dead ...
yours, for your dead ...

You must be careful, where you step,
as bodies are laid out.
One false move, even a diary
beneath your feet may weep in pain.

The mechanical arm of a JCB
digs deep through
the hearts of the undead
searching for their departed souls
with each breath.
Time starts moving once again
in some parallel universe
and a whistle is blown
for the journey to resume.

‘The train shall now recommence its journey.
Passengers are requested to return to their seats … Calling at all stations.’

Passengers, arise from your sodden graves,
take each other’s swollen hands
and board the train.
Your loved ones await you
at the last station.

Sinhalese original, Jan. 2005 by Ajith C Herath
[English version by Hiranjaya]

******

[සුනාමි රළ පහරින් පැරෑළියේදී අනතුරට පත් දුම්රිය අසල තිබූ මළ සිරුරක වූ අත් ඔරලෝසුවක කටු 9.25 දක්වමින් නතර වී තිබිණ.]

"දුම්රිය තව මෙහොතකින්
යළි ගමන් අරඹනු ඇත....
සියළු මගීන් නැවත
තමන්ට නියමිත මැදිරිවලට පැමිණෙන්න.
ගමනාන්තය දක්වා
සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ඇත..."

9.25 සිට
කාලය කරකවයි
පසුපසට කිසිවෙකු
වියරු කළු රළ පෙළ
වෙරළ වෙත නෑවිදින්
ආපසු ඇදී ගොස්
නොපෙනෙනා ඈතක
නතර වන ලෙස

මරණාන්තයෙන් මෙපිට
අවසාන දුම්රියපළේ
දුරකතනයක් නාද වෙයි.
නොනැවතී
නාද වෙයි…
කිසිවෙකුත් නැත.

කාලය නතර වී ඇත.
රළ පෙළක්
හා
මිනී යායක් අතර
දුම්රියක් නතරව තිබේ.
සදාකාලික පසු තැවීමක
සදා නොමැකෙන
සිතුවමක් ලෙස....

මැදිරියෙන් මැදිරිය
පිය තෙපුල් සිනහ හඬ නැගෙයි.
අඳ වාදකයාගේ ළසෝ ගීයට මුසුව
සිතාරයේ අවසාන සත්සර බිඳී යයි.

කවුළුවෙන් පිටත
ඈත සිතිජය දෙස
සිඟිත්තෙකු නෙත් යොමයි.

ඒ නිමේෂයෙන් පසු
පිළිවදන් පසුවදන් ඇවැසි නැත.

මා මගේ මළවුන් සොයා යනු මිස…..
ඔබ ඔබේ මළවුන් සොයා යනු මිස….

මළමිනී ගොඩ දමන විට
සීරුවෙන් ඇවිද යා යුතුය.
පයට පෑගෙන දින පොතක් වුව
වේදනාවෙන් ඉකිබිඳිනු ඇත.

බැකෝ යන්ත‍්‍රය ඇවිත්
නොමළවුන්ගේ පපු කැනැති හාරයි.
ආත්මය හිස්ව ගොස්
නොමළවුන්
අවතාර ලෙස සැරිසරයි.

සමාන්තර විශ්වයක
කාලය යළි සෙමින් ගලා යයි.
දුම්රිය යළි පිටත් වීමේ
සංඥා නළා හඬ නාද වෙයි.

"දුම්රිය තව මෙහොතකින්
යළි ගමන් අරඹනු ඇත....
සියළු මගීන් නැවත
තමන්ට නියමිත මැදිරිවලට පැමිණෙන්න.
ගමනාන්තය දක්වා
සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ඇත."

සියළු මළවුනි
තෙතැති පස් තට්ටු බිඳ
මිනී යායෙන් නැගිට
ඉදිමී ගිය අතින් අත අල්ලගෙන
ඇවිත් මෙහි ගොඩවන්න
මිළඟ නැවතුමට වී ඔබේ නෑසියන් බලා හිඳී.

[නිම්තෙර| හිරු| 2005 ජනවාරි 3]

Ajith C Herath | අජිත් සී හේරත්


Wednesday, December 22, 2010

PARIWARTHANA KAVI | නුදුරු ව්‍යසනය| Apocalypse soon - [Richard De Zoysa | රිචඩ් ද සොයිසා]



දැල්වෙන වෛරයේ රළ මත
මං පෙත් එක්වරම ඉලිප්පෙයි.
ගිනි පුපුරු විසුරුවමින්
දරුවා ගින්න තුළ සෙල්ලම් කරයි

සුනු විසුනු කරමින් පැරණි මිතුදම්
පියාඹන වීදුරු පතුරු.
කැබැලිති වූ බැඳීම්වල
ව්‍යාජ බව තහවුරු කෙරිණි.
ගිනි රශ්මිය හමුවේ.

මුරුගසං වැස්සට පසුව
මඩ දියෙහි කෙලි දෙළෙන් පසුවන වීදි දරුවෝ
ලෙයටත් වඩා උකු වෛරයේ ගංවතුරක්
එක්වරම ගලා බස්නා විට
කාකි නිල ඇඳුමේ, තුවක්කු බට සහ යකඩවල
සජ්ජායනය අනුයමින්
අහුමුළු වෙත ඇදී ගොදුරු අහුලති.

උණුසුම් නිකිණි රැයේ ඉහළින්
වණයක් මෙන් කකියන
ඉදිමී සැරව ගලනා තාරකාවන්ය.
ආදරය හුදු ඩාදියකි.
සෙවණැලි තුළ රමණය විසින්
උපදවන කාමාශාව වූ කලී
වියරු ලිංගික බලාත්කාරයක් පිලිබඳ
වසන ලද බෝතලයක කර අසල බුබුලුලන
වසන ලද පටුමගක කෙළවර පොදිකන
ආවේශයක් පමණි.

බෝතල් කර පුපුරා
එහි තියුණු කෙළවර දැයක දිවි සිදුරු කරයි.
මාරක වදන් තෙප‍ළිණ.
පැරණි සගයන්
නිහඬ බව තුළ ගීලී පත්ලටම පසු බසී.
මං සන්ධිවල නැවතුම්
වැසි වැටෙනු පෙර කුහුඹුවන් විලස
කෝපාවිෂ්ට පාදඩයන්ගෙන් ඉක්මණින්ම පිරී යනු ඇත.
භීතියේ වෙළුන සුසුමන් වැරවෑයමින්
ඝාතනය වෙත දක්කනු ලබයි.
කොන්ක්‍රීට් වේදිකා මත නැගුන
බූට් සපත්තු හඬ විසින්
දුම්රියේ ගිගුම් නද යටපත් කෙරිණි

බෙදා පාලනය කිරීම!
ජම්බුද්වීපයේ එල්ලා ඇති
ඉදුණු දෙළුමක් මෙන් රතු පැහැ ගැන්වුණ
ගඩා ගෙඩියක් මෙන් තිත්ත වූ
සිය ලෙයින්ම නැහැව ලේ ගලන හදවත
උතුර වෙත දෝලනය වෙයි.
ඇය දරා සිටිනා
වෛරයේ සියලු පලතුරු සසල වෙයි
අපගේ විවර වූ මුව තුලට
ඇදවැටෙනු වස් බලා සිටින.

නගරයේ පදික වේදිකාවන්හි අඳුරු මුහුණු
ශුද්ධ වූ අළුවල ගුප්ත බව යට වියැකී යයි.
කුමක් සිදු වීද උතුරේ හුණුගල් තට්ටුව යටින්
ගැඹුරට විහිදී පැතිරුණු මුල්වලට?

සුළඟක් හමා එයි වෙළඳහල් අතරින්.
දීප්තිය සසල වෙයි
ගිනිදැල් අසල නාස්පුඩු වලින් විහිදුන.
අගනුවර නිවෙස්වල
පූජනීය පිත්තල පහන්වල දැල්ල නීවී යයි.

71 බෙහෙවින් විනෝදබර විය
ඇඳිරි නීතිය පැනවුණ කල
අපි නිවෙස් තුළ සාදයෙන් ගතකළෙමු

58 නම් එතරම් යහපත් නොවීය.

නමුත් දැන්........?
දැන් සිදුවෙමින් ඇත්තේ කුමක්ද?
අඳුරු මාවත් සහ සුන්බුන් අතරින්
තවලම පෙරට ඇදෙන්නේද ,
හුදෙකලා වෙඩික්කරුවන්ගේ රයිෆල
කොකා ගැස්සෙන හඬ මුසු වු තුනී මිදුම තුළ
මුහුදු රාජාලීන්ගේ පියාසැරිය වරින්වර යම්තමින් දිස්වන
උණුසුමින් පිරි අහස් ගැබ යට
ගිනිගෙන දැවෙන හුදෙකලාවේ කතර වෙත,

සිය දද නංවමින්
පළිගැනීමේ මහා සංහාරය දියත්කරනු වස්
පස්වන අසරුවා යළි පැමිණ ඇත්ද?

[අනුවාදය- අර්ජුන]

*බයිබල් සාහිත්‍යයේ ලෝක විනාශය (Apocalypse) පිලිබඳ දේව වාක්‍යයේ (Book of Revelation) හි අසරුවන් සිව් දෙනෙකු ගැන සඳහන් වේ. මෙම අසරුවන්ගෙන් සංකේතවත් වනුයේ වසංගත, යුද්ධය, සාගතය සහ මරණයයි. ලංකාවේ කීර්තිමත් ජනමාධ්‍යවේදියෙකුව සිටි ටාසි විට්ටච්චි 1958 දෙමළ විරෝධී ජාතිවාදී ප්‍රචණ්ඩ ගැන ලියන ලද "Emergency 58" කෘතියේ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා විස්තර කරනුයේ පස්වන අසරුවා ලෙසිනි.

රිචඩ් මේ කවිය ලියා ඇත්තේ 1981 අගොස්තුවේදීය. 1981 වසර ශ්‍රි ලංකාවේ ජනවාර්ගික ගැටුමට තවත් බිහිසුණු ලේ පැල්ලම් රැසක් එක් කළ වසරකි. යාපනය සංවර්ධන සභා ඡන්දයේදී කොළඹින් එහි ගිය, පැවැති එජාප රජයේ මැරයෝ ඡන්ද කොල්ලයක නිරත වූ අතර යාපනය පුස්තකාලයද ගිනිබත් කළහ. මේ සිදුවීම් දාමය තුල රිචඩ් ලද කම්පනය මෙන්ම ජාතික ප්‍රශ්නය වර්ධනය විය හැකි විනාශකාරී දිශාවන් පිලිබඳ ඔහු තුළ වූ ඉසිවර දැක්මද මේ නිර්මාණයෙන් ප්‍රකාශ වෙයි.

Apocalypse soon

The Child Plays in the fire
Scattering sparks
When suddenly the street erupts
In waves of flowing hate
And splintered flying glass
Shattering old amities and sharing bonds
Forged (so we thought) proof
Against heat.

After sharp showers the street boys play in mud
When suddenly a flood of enmity
Thicker than blood Descends
And to the singing of the lead
Khaki and gun metal and iron tread
Advance and take their vantage at the corner.

Hot August night
With postulating stars burning like sores
Above.
Love is a sweat
And inter course in shadows will beget
Lust only for the frenzies of a rape
Of sluttish cul -de –sacs and bottlenecks.

The bottlenecks are broken: jagged ends
Pierce the vital of a nation.
Death words are spoken, old familiars
Fall silent and retreat to roots.
The junction stations soon will fill
With seething hordes like ants before the rains
Fear breathing herds hard ridden to the kill
And on the concrete platforms hob nailed boots
Drown out the thunder of the train.

Divide and rule. And pendulous to the North
Hangs Jumbu dvipa; stained with her own blood
Bleeding heart red as ripe pomegranate
And bitter as the damson. All the fruits of hate
Quivering she holds. Waiting to drop
Into our gaping mouths.
Dark faces on the city pavements pale
Beneath the mysteries of holy ash;

What of the roots spread wide and deep
And far beyond the limestones of north?
A wind blows through the holes of high commerce
The brilliant trembles at the flare of nostril
Flames falter in the sacred lamps of brass
In dwelling on the arcades of Colombo.

71
Was lots of fun
We had our curfew parties.

58
Was not so great
and now…..
will out of blackened streets and rubble ruins
caravans ride forth in to the blazing
deserts of isolation, where the crack
of lonely sniper`s rifles fills the air
and Brahmins hover, flickering in the haze
of heat filled sky?
Has the Fifth horseman come again to raise
His banner, and wreak havoc on the land?

Richard De Zoysa- August 1981

*Jumbudvipa- One of the names the ancient Sinhalease gave India.
Brahmins- Brahmins Kites, birds of prey commonly found in the coastal areas of sri lanka’s Dry zone.
Fifth Horseman- See Tarzie Vittachchi`s Emergency '58' The fifth Horseman of the apocalypse is racial strife.


Richard De Zoysa | රිචඩ් ද සොයිසා
පරිවර්තනය - Arjuna | අර්ජුන



Friday, December 17, 2010

Boo! [By- Mashenka Fernando]


Boo!

    There was once a boy who always screamed, ‘Boo’!   
    And when he was a baby the first word he said was, ‘Boo’!
    Yet when he was a five year old he still loved to say, ‘Boo’!
    The family got milk no more, for the by sacred the milkman by saying, ‘Boo’!
    The naughty boy hid behind the door and gave his aunt a stroke by saying, ‘Boo’!
    He chased kitty up the tree by saying that annoying word, ‘Boo’!
    He scared the hens so they would lay eggs no more by saying no more, ‘Boo’!
    His uncle’s horses scattered because the boy said that word, ‘Boo’!
    Now Ms. Tilly had been scared out of her life enough by that word, ‘Boo’!
    So she hid behind the class room door and when he came, she screamed, ‘Boo’!
    She scared him so much by saying, ‘Boo’!
    That he fell on the spot never to say, ‘Boo’ again!

By: Mashenka Fernando
Grade 5P